May 17, 2024

ජෙනරාල් සරත් ෆොන්සේකාට යථා කාලයේදී ඡන්ද අයිතිය

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබී ඇති බැවින් යථා කාලයේදී ඡන්ද අයිතිය ද හිමිවන බවය.

සරත් ෆොන්සේකා මහතාට යළි ඡන්ද අයිතිය ලබාදිය හැකි කාලය පිළිබඳව තමා සිය නීතිඥයින්ගෙන් විමසූ බවද කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතිකසන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් මගින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී සරත් ෆොන්සේකා මහතාට එය ලබාදීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳවත් විමසා තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඒ පිළිබඳවද මේ වන විට නීති අංශයට යොමු කර ඇති බවද සඳහන් වෙයි.

Rate this item
(0 votes)