May 20, 2024

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපති අජිත් ඩයස්

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස අජිත් ඩයස් මහතා පත් වී ඇත. මීට පෙර එම සභාපති ධූරයේ කටයුතු කළේ නිශාන්ත වික්‍රමසිංහ මහතායි.

ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකයෙකු, බැන්ඩික්ස් සමූහයේ අධ්‍යක්ෂවරයෙකු සහ Free Trade Zone Manufacturers Association (FTZMA)හී හිටපු සභාපතිවරයෙකු වූ ඒ මහතා ඇඟළුම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් බහුල පුද්ගලයෙකි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා පිළිබඳව පසුගිය දේශපාලන වේදීකාවලදී ජනතා විමුක්ති පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා අදහස් ප්‍රකාශ කරද්දී සඳහන් කර තිබුණේ ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් නොවූ සභාපතිවරයෙක් බවය.

Rate this item
(0 votes)