May 20, 2024

මැතිවරණ රාත්‍රියේ ජනපති මැදුරේ ගතකළ ආකාරය ජී.එල් කියයි

තමා ජනාධිපතිවරණ දින රාත්‍රියේ අරලියගහ මන්දිරයේ ගතකළ ආකාරයට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

මැතිවරණ දින රාත්‍රියේ බලය ඇල්ලීමට කිසියම් කුමන්ත්‍රණයක් දියත් කළ බවට වන චෝදනා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව පවසා ඇත.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලැබුවේ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාය.

Rate this item
(0 votes)