May 20, 2024

නිවස ඉදිරිපිට නැවතු තවත් ලොරියක් රාත්‍රියේ ගිනි ගනී

නාත්තන්ඩිය - මරඳ ප්‍රදේශයේ  නිවසක් ඉදිරිපිට නවතා තිබූ ලොරියක් ගිනි ගෙන විනාශ වී තිබේ. අද (23) අළුයම 1.30 ට පමණ මෙම ගිනි ගැනීම සිදුවී ඇති බවයි මාරවිල පොලිසිය සඳහන් කළේ.

ගින්නෙන් ලොරිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එහි හිමිකරු වන ඉන්දික රාජපක්ෂ පොලීසියට කටඋත්තර දෙමින් පවසා ඇත.තමන් ව්‍යාපාරික කටයුතුවලින් පසුව සුපුරුදු ලෙස ලොරිය ගෙනවිත් නිවස ඉදිරිපිට මාර්ගයේ නවතා නින්දට ගොස් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇති බවද ඔහු පොලීසිය හමුවේ පවසා ඇත.

සිදුවී ඇති අලාභය මෙතෙක් තකසේරු කර නැති අතර ලොරියේ හිමිකරුවා පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව කටයුතු කළ අයෙකු බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

කිසියම් අයෙකු විසින් මෙම ලොරියට ගිනි තිබ්බාද,එසේත් නැත්නම් ගිනි ගත්තාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

ජූඩ් සමන්ත - පුත්තලම

Rate this item
(0 votes)
Last modified on Friday, 23 January 2015 11:48