May 20, 2024

හිටපු ජනපතිගේ වත්කම් ඇත්නම් හෙළි කරන්න ‘සීෂෙල්ස් රාජ්‍ය’සූදානම්

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණ සඳහා සහයෝගය දැක්වීමට සූදානම් බව සීෂෙල්ස් රාජ්‍ය නිවේදනය කර තිබේ. එහිදී සීෂෙල්ස් රාජ්‍ය පෙන්වා දෙන්නේ සියළුම විධිමත් ඉල්ලීම්වලට මෙලෙස සිය සහය දෙන බවය.

පසුගිය රජය විසින් සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කර තිබෙනඅතර ශ්‍රී ලංකන් හා මිහින් ලංකා දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇත.මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේදී සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරය කළ අතර එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්ද විවෘත කරන ලදී.

සීෂෙල්ස් විදේශ අමාත්‍යංශය විසින් ඊයේ (22) නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව පෙන්වාදෙන අතර සීෂෙල්ස් රාජ්‍යය සමග මහින්ද රාජපක්ෂ මහතා තිබූ සම්බන්ධතාවය මත එරට වත්කම් සඟවා ඇතැයි වත්මන් රජය විසින් එල්ල කරන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් මෙම නිවේදනය නිකුක් කර ඇත.
ශ්‍රී ලාංකිකයින් විසින් සීෂෙල්ස් රාජ්‍යයේ කර තිබෙන සියළුම ආයෝජන දෙරට අතර අත්සන් කර තිබෙන ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට අනුව හෙළිකල හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

Rate this item
(0 votes)