May 20, 2024

රඹුක්කන රෝහලේ පහරදීමක් නිසා වෘත්තීය ක්‍රියාමාර්ග

රඹුක්කන දිසා රෝහලේ කාර්යය මණ්ඩලය අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සේවා වලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ තුවාල ලැබූවන් රඹුක්කන රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කෑගල්ල රෝහලට මාරු කර යැවීමට රෝහල් කාර්යය මණ්ඩලය ගත් උත්සාහය වැළැක්වීමට පැමිණි පිරිසක් ඔවුන්ට පහර දීම හේතුවෙනි. එහිදී කාර්යය මණ්ඩලයේ සේවකයින් දෙදෙනකු තුවාල ලැබීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුවී තිබේ.

සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්මහතා ආණ්ඩුවට සම්බන්ධ කරනොගන්නා ලෙස ඉල්ලමින් රඹුක්කන නගරයේදී ඊයේ දහවල් උද්ඝෝෂණයක් පැවැති අතර උද්ඝෝෂකයින් විසින් ත්‍රි රෝද රථයක් පෙරළා දැමීම හේතුවෙන් ගැබිණි මව්වරුන් දෙදෙනෙකු සහ 14 හැවිරිදි ළමයෙකු තුවාල ලැබීය. ඔහුන් එලෙස රෝහලට ඇතුළත් කිරීමේදී මෙම ගැටුම ඇති විය.

Rate this item
(0 votes)