May 21, 2024

පුරාවස්තු හොරකමේ ගිය චීවරධාරියාට දඩ

පුරා වස්තු සෙවීමේ අරමුනින් නීති විරෝධී ලෙස කැණීම් කටයුතු කරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීවරධාරියෙකු ඇතුළු 15 දෙනෙකුට පුත්තලම අතිරේත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය රුපියල් 7,50,000 ක දඩ මුදලක් නියම කළේය.

අත්අඩංගුවට ගෙන සිටි පිරිස අතර චීවරධාරියෙකු, සහ කාන්තාවන් දෙදෙනෙකුද විය. චීවරධාරියා කුලියාපිටිය - කිතලව ප්‍රදේශයේ දේවාලයක් පවත්වා ගෙන යන අයෙකු බව පොලීසිය විසින් කරන ලද විමර්ශණවලදී හෙලිවී තිබුණි.

පොලීසිය විසින් වැටලීම සිදු කරන විට අඩි 15 ක පමණ කැණීම් සිදු කර තිබී ඇත.එම ස්ථානයේ තිබී වතුර මෝටරයක්, බෙර දෙකක්,කුකුලෙක් ඇතුළු පුජා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබුණි.

ජූඩ් සමන්ත - පුත්තලම

Rate this item
(0 votes)
Last modified on Friday, 23 January 2015 09:05