May 21, 2024

නැගෙනහිර මහ ඇමැතිකම සන්ධානයෙන් කොංග්‍රසයට

නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය තනතුර ධුරය වසර 2 1/2 ක කාලයකට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුමැතිය ලබා දුන්නේය.ඒ, නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයගත් අවස්‌ථාවේ පළාත් සභාවේ මහ ඇමැති ධුරය මුල් අවුරුදු 2 1/2 තුළ සන්ධානයටත් ඉතිරි වසර 2 1/2 මුස්‌ලිම් කොංග්‍රසයටත් ලබාදීමට වූ එකඟතාව පරිදිය.
 
මුස්‌ලිම් කොංග්‍රසය පසුගියදා දෙමළ ජාතික සන්ධානය සමග නැගෙනහිර පළාත් සභාවේ බලය ලබා ගැනීමට සුදානම් වුවද පක්‍ෂ දෙකම ප්‍රධාන ඇමැති ධුරයබලාපොරොත්තු වීම  නිසා එය අසාර්ථක විය.
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
Rate this item
(0 votes)