May 21, 2024

පොලිස්පතිවරයෙක් 'ඉගෙන ගත්තෙත්' වෙලේ සුදාගේ සල්ලිවලින්

ආචාර්ය උපාධියක් ලබාගත් පොලිස්පතිවරයෙකුට වැඩිදුර අධ්‍යාපනය සඳහා තමන් මුදල් ලබාදුන් බව පොලිස් රැඳවුම් භාරයේ සිටින මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන වෙ‍ලේ සුදා හෙළිකර තිබේ.රුපියල් ලක්ෂ 300 කට අධික වටිනාකමක් ඇති නව නිවසක් ද මෙම පොලිස්පතිවරයා තමන්ගෙන් ලබා ගත්බව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කර ඇත.අදාළ විශ්‍රාමික ‍පොලිස්පතිවරයා පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව  පවුල පිටින් රටින් පිටව ගොස් තිබේ.
 
මෙම  විශ්‍රාමික ‍පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලමින් රතු නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.මේ අතර කුඩු ජාවාරම්කරුගෙන් මසකට රුපියල් ලක්ෂ 25බැගින් ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව තවත් සති දෙකක් තුල අත්අඩංගුවට ගැනීමට නියමිතය.
 
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
Rate this item
(0 votes)
Last modified on Friday, 23 January 2015 18:39