May 21, 2024

මහින්ද කහඳගමගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අවසර

ස්වයං රැකියා නියුක්තියන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගමගේ මහතා, ඔහුගේ ඥාතීන් සහ හිතවතුන්ගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ (22) පොලිසියට නියෝග කර තිබේ. 

එම නියෝගය ලබා දී ඇත්තේ දේශමාමක පදික වෙළඳුන්ගේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් විසින් කොළඹ වංචා විමර්ෂණ අංශයට කළ පැමිණිල්ලක් විභාගයට ගනිමිනි. 

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සාමාජිකයන්ගෙන් මුදල් විවිධ ආකාරයෙන් වංචා කර ඇති බවට පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් සිය පැමිණිල්ල මගින් ඉදිරිපත් කර තිබුණි. 

ඒ අනුව මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 14 ක ගිණුම් පිළිබඳ වාර්තාවක් ලබාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 January 2015 00:44