May 20, 2024

ජනපති ආරක්ෂක ලේකම්ගෙන් නිදහසට කරුණු විමසයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි පවසන නව ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායකගෙන් නිදහසට කරුණු දක්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දන්වා ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රැකීම සඳහා ආරක්ෂක ලේකම් හා හමුදා මාධ්‍ය ප්‍රකාශක මතබේදකාරී එම බැංකු ගිණුම ගැන අදහස් දක්වා ඇති බව පෙනී යන බැවින් රටේ මුදල් ප්‍රතිපත්තිය ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශකට තේරුමක් නැතැයිද රාජිත සේනාරත්න මහතා පැවසී ය.

රටේ දැනට යුද්ධයක් නැති නිසා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඉවත් කිරීම ගැන ඇමැති මණ්ඩලයේ සැලකිල්ල යොමුවී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ නමට නොව ආරක්ෂක අමාත්‍යංශයේ නමටවත් ගිණුමක් පවත්වා ගෙන මුදල් තැන්පත් කළ නොහැකි බව දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)