May 21, 2024

ජනපති කාර්යාලයේ වාහන 53ක් පිටකෝට්ටෙන් හමුවෙයි

ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ වාහන අංගනයක ඇති බවට තොරතුරක් ලැබුණු බව මිරිහාන පොලිසිය පවසයි.

එම වාහන සඳහා රක්නා ලංකා ආරක්ෂක ආයතනය මෙම අංගනයට ආරක්ෂාව සලසා ඇති බව ද වාර්තා වේ.

මේ වන විට එම වාහනවලට පොලිස් ආරක්ෂාව දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Rate this item
(0 votes)