May 20, 2024

වෙලේසුදාගේ ප්‍රකාශ මත තවත් 6 කට පොලිස් දැල එළයි

පොලිස් අත්අඩංගුවේ සිටින වෙලේ සුදාගේ කටඋත්තර හමුවේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, හිටපු පොලිස්පතිවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු හා සැරයන්වරයකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා  අද (22) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

ඒ මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේසුදා සමග මුදල් හා දේපළ හුවමාරු සිදුකර ඇති බවට තොරතුරු හෙළි වීමෙන් අනතුරුවය.

වෙළේ සුදා නැමැත්තා මත්ද්‍රවට ජාවාමට අමතර  ත්‍රස්ථවාදී ක්‍රියාවලට හා  මිනිස් ජාවාම්වලටද  සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇති බවත් සඳහන්.

වෙලේසුදාගේ  ප්‍රකාශ මත පුද්ගලයින් හය දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඒ ප්‍රකාශ අනුව ඉහත පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව ඇති බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළේය.

මෙම පිරිසෙන් උප පොලිස් පරීක්ෂකවරයකු හා සැරයන්වරයා දැනට පොලිස් සේවයේ නැතැයි ද අනාවරණය කළේය.

Rate this item
(0 votes)