June 01, 2024

කොළඹ අධි ආරක්ෂිත කලාපවල මාර්ග විවෘත කරයි

මේවන තෙක් වසර ගණනාවක් වසා දමා තිබූ කොළඹ, කොටුවේ අධිආරක්ෂිත කලාපවල පිහිටි මාර්ග කිහිපයක් අද (22) සිට විවෘත කරන බව පොලිසිය පවසයි. 

ඒ අනුව කොළඹ - කොටුව ජනාධිපති මාවත, ශී‍්‍රමත් බාරොන් ජයතිලක මාවත සහ චැතම් වීදිය අද (22) සිට විවෘත කරන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය.

මීට අමතරව බෞද්ධාලෝක මාවතේ ස්ටැන්ලි විජේසුන්දර මංසන්ධියේ සිට තුම්මුල්ල මංසන්ධිය දක්වා දිවෙන මාර්ගය අද සිට මගී බස් රථ සඳහා ධාවනයට විවෘත කිරීමට නියමිතය.

Rate this item
(0 votes)