June 01, 2024

ආනන්ද විදුහලේ ‘පුංචි සිත්තරු’කොළඹ කලා භවනට

කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ‘පස්පියුම්’චිත්‍ර කලා සංසදය මගින් ප්‍රථමවරට ඉදිරිපත් කරනු ලබන ‘පුංචි සිත්තරු’සිතුවම් දැක්ම ජනවාරි මස 27 සහ 28 දෙදින තුළ කොළඹ ජාතික කලා භවනේදී පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පැවැත් වීමට නියමිතය.

පළමුවන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණීය දක්වා දරුවන්ගේ සිතුවම් දහසකට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා ඉදිරිපත් කර තිබේ. මේ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසැල් 25 ක් ආරාධිත පාසැල් ලෙසද සහභාගී වෙනු ඇති.

විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතාගේ පූර්ණ අනුග්‍රහය හා උපදෙස් මත සහ ප්‍රාථමික අංශ ප්‍රධාන ආචාර්ය දමයන්ති කොඩිතුවක්කු මහත්මියගේ අනුශාසකත්වයෙන් ප්‍රාථමික අංශයේ චිත්‍ර කලා විෂය භාර ආචාර්ය ධම්මිකා නාරංකොටුව මහත්මිය විසින් ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.

මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා එදිනට සියලුම දෙනාට පැමිණෙන ලෙසද සංවිධායක මණ්ඩලය විසින් විවෘත් ආරාධනාවක් සිදු කරයි.

Rate this item
(0 votes)