May 19, 2024

හරීන් ඌව මහ ඇමති ධූරයේ වැඩ අරඹයි 

ඌව පළාත් සභා නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා අද (22) පෙරවරුවේ 10.38ට යෙදුන සුභ මොහොතින් පළාත් සභා ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී වැඩ බාර ගෙන තිබේ.

හරින් ප‍්‍රනාන්දු මහතා ජාතික ධජය එසවීමෙන් අනතුරුව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදි සුබ මොහොතින් සිය ප‍්‍රථම රාජකාරි ලිපියට අත්සන තැබුවේය. ඔහු ඌව පළාත් සභාවේ 7 වන ප‍්‍රධාන අමාත්‍යවරයා වේ.

මේ අතර නව ප්‍රධාන අමාත්‍යවරයා වැඩ බාර ගැනීමෙන් අනතුරුව පළාත් අමාත්‍යවරුන් සිවු දෙනෙකු දිවුරුම් දීමට සුදානම් බව වාර්තා වේ.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 January 2015 11:05