May 19, 2024

මාතර නගරයේ ඉන්ධන හිඟයක්

ඉන්ධන හිඟයක් ඇතිවීම හේතුවෙන් මාතර නගරයේ වාහන හිමියෝ බලවත් අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.මාතර නගරයේ පවතින ඉන්ධන පිරවුම්හල්වල මේ තත්ත්වය ඇති වී තිබෙන බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

මාතර නගරයේ පවතින ඉන්ධන පිරවුම්හල් 6න් ඉන්ධන නිකුත් කරන්නේ එක් ඉන්ධනපිරවුම් හළක පමණක් බවත් එහෙයින් එම ඉන්ධන පිරවුම්හළ ඉදිරිපිට දැඩි වාහන තදබදයක්පවතින බවත් සඳහන්.

මේ අතර IOC ආයතනයට අයත් ඉන්ධන පිරවුම්හල්  පවසන්නේ ඊයේ රාත්‍රියේ සිදුකළ ඉන්ධන මිල අඩුකිරීම පිළිබඳව තමන්ට දැනුම් දීමක් නොකළ බවයි.

Rate this item
(0 votes)