May 19, 2024

යාපනයේ උපාධිධාරීන්ට රැකියා ඉල්ලා උද්ඝෝෂණ

2012 වර්ෂයේ සිට උපාධි සමත්වී සිටින ශ්‍රී ලංකාවේ දෙමළ තරුණ තරුණයින් 3000 කට වැඩි පිරිසකට මෙතෙක් රජයෙන් රැකියා නොලැබීමට එරෙහිව යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

එහිදී රජයට දැන්වීම සඳහා යාපනය දිසාපතිවරයාට සංදේශයක් බාරදී තිබේ.

එම සංදේශයේ සදහන්ව ඇත්තේ වැඩිම උපාධිධාරීන් පිරිසක් රැකියා නොමැතිව සිටින්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි විශ්ව විද්‍යාලවලින් උපාධි ලබාගත් පිරිස බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව රැකියා අවස්ථාවන් 10000 ක් නිර්මාණය කරණ බවට වූ පොරොන්දුව ඉෂ්ඨකරණ විට අනිවාර්යෙන්ම මෙම රැකියා විරහිත දෙමළ උපාධිධාරීන් කෙරෙහි දැඩි අවධානය යොමු කර රැකියා ලබාදෙන ලෙසද මෙම පිරිස ඉල්ලා සිටි.

දිනසේන රතුගමගේ- වවුනියාව

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 January 2015 10:55