May 19, 2024

මිරිස් කුඩු ගසා ලක්ෂ 44 ක් උස්සයි

ඉස්සන් ව්‍යාපාරිකයෙකු විසින් රැගෙන යමින් තිබූ රුපියල් 44,82,720 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් හලාවත පොලිසියට ලැබී තිබේ. ඊයේ (21) හලාවත - ඉරණවිල මාර්ගයේ අඹකදවිල ප්‍රදේශයේදී මෙම කොල්ලය සිදුවී ඇත.

තමන් හලාවත පිහිටි රාජ්‍ය බැංකුවකින් රුපියල් 24,82,720 ක මුදලක් ලබා ගත් බවත් ඉස්සන් අලවි කිරීමෙන් ලැබුණු තවත් රුපියල් ලක්ෂ 20 ක මුදලක්ද රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විට දෙදෙනෙකු පැමිණ මිරිස් කුඩු ගසා මුදල් කොල්ලය සිදු කර පලා ගිය බව තොඩුවාව පදිංචි මිරිස්සගේ සුදත් මාරිස් රෙක්සි ප්‍රනාන්දු යන අය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.

කොල්ලකරුවන් පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බව පැමිණිලි කරු තම පැමිණිල්ලේ සදහන් කර ඇත.කොල්ලකරුවන් කව්රුන්ද යන්න පැමිණිලිකරු හදුනා ගෙන  නැති බවද පොලීසිය කියයි.

ජූඩ් සමන්ත - පුත්තලම

 

Rate this item
(0 votes)