May 19, 2024

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරි සති දෙක තුළදී - ඇමති විජේදාස  

ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවරෙන 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරි සති දෙක තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

විධායක ජනාධිපතිවරයාට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින බලතල මෙමගින් ඉවත් නොකෙරෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයට පවරා දෙන බලතල සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් සමග මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතින අතර මේ සඳහා එම කරුණු පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති කමිටුවක් පත් කර ඇති බවද ඇමැතිවරයා පැවසී ය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් 17 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය මඟින් පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිසම් සභා මත මැතිවරණ කොමිසම, ජාතික පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, අධිකරණ සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමසන ස්ථාවර කොමිසම, බලාත්මක කෙරෙන බවත් එම පනතේ පවතින ‍යම් අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කර විසඳුමකට එළැඹෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)