May 19, 2024

ගම්මන්පිල රහස් පොලිසියට පිළිතුරු දෙයි

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී රට තුළ හමුදා කුමන්ත්‍රණයක් සිදු කිරීමට අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් සිදු නොකළ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අද (21දා) රහස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශන් කිරීම් හමුවේ පවසා තිබේ.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී හමුදා කුමන්ත්‍රණයකට සූදානම් වූ බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් මත ගම්මන්පිල මහතා එහි ගිය අවස්ථාවේදී මේ බව පවසා ඇත.

ගම්පහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරියට එ.ජා.ප. ආධාරකරුවන් පිරිසක් පහරදීමට ගත් උත්සාහයක් මත අතිරේක ආරක්ෂාවක් යෙදවීමට උත්සාහයක් ගත් නමුදු හමුදා කුමන්ත්‍රණයක් සිදු නොවූ බව ගම්මන්පිල මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳව සී.සී.ටී.වී කැමරා දර්ශන ඇතැයි විශ්වාස කරන බවය.

Rate this item
(0 votes)