May 19, 2024

රංජන් ඇතුළු තවත් 6කට ඇමති තනතුරු

නව කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු අද (21) දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව අබ්දුල් හලීම් මොහොමඩ් හසීම්, මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යවරයා ලෙස කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී ඇත.

මෙහොමඩ් තම්බි හසන් අලි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද, රංජන් රාමනායක මහතා සාමජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේද දිවුරුම් දී තිබේ.

වසන්ත අලුවිහාරේ මහතා මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. අමීර් අලි සහබ්දීන් නිවාස හා සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ත් ෂරීෆ් තවුෆික් මහතා අභ්‍යන්තර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ත් දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ මෙම දිවුරුම්දීම් සිදු වූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වූහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 19:17