May 19, 2024

බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 15ක් රෝහලේ

වැලිමඩ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් අඩි 75 ක් ප්‍රපාතයකට පෙරළීමෙන් පාසල් සිසුන් තිදෙනකු ඇතුළු 15 දෙනකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

කැප්පෙටිපොල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුර සිදු වීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 17:41