May 19, 2024

පදනම් ආයතනයේ මුල් පුටුව මලික් ජයතිලකට

ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව සභාපතිවරයා වශයෙන් පත් කර ඇති මලික් ජයතිලක මහතා අද (21) පෙරවරුවේ සුභ මොහොතින් රාජකාරි ආරම්භ කළේය.
 
ප්‍රකට ලේඛකයෙකු වන මලික් ජයතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල උපාධිධාරියෙකු වන අතර ඔහු ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.
 
පුජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුලු මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ මලික් ජයතිලක මහතාට සුබ පැතිම සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 
Rate this item
(0 votes)