May 19, 2024

විශාල ප්‍රමාණයේ ගුවන් යානයක් මත්තල (Photo)

ඕස්ට්‍රේලියාව බලා පියාසර කිරීමට නියමිත විශාල ප්‍රමාණයේ භාණ්ඩ  ප්‍රවාහන ( international corgo Transporter ) ගුවන් යානාවක් අද (21) අලුයම 03.50 හදියේම මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වා ඇත.

මෙම යානය අද (21) මධ්‍යම රාත‍්‍රී 11.35 ට නැවත  ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන්තොටුපල බලා පිටත් වීමට නියමිතය.

රුසියානු සමාගමගට අයත් යු.ආර්.  820-27 දරණ මෙම ගුවන් යානාව පාකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපලේ සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන්තොටුපල බලා පියාසර කිරීමට නියමිතය.

එහි සිටි 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට විවේක ගැනීම හා ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ගොඩ බැස්සවීමට හේතුවී ඇති බව ගුවන් තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 16:12