May 19, 2024

ජාතික පාසල්වල පාසල් කාලසීමාව වෙනස් වෙයි

දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ දැඩි ඉල්ලීම මත සියලුම ජාතික පාසල්වල පාසල් පැවැත්වෙන කාලසීමාව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාසල් දරුවන් අලුයම සිට අවදි වී පාසල් කාලය නිමවා පහන්වන තුරු තම නිවෙස් කරා යාමට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් දරුවන්ගේ ළමා කාලය කෙළිදොළින් ගත කිරීමේ සහ නිවෙසේ රැදී සිටීමේ කාලය අඩු වී ඇති බවත් ලංකාව වැනි රටක විවිධ ප්‍ර‍දේශ වලට බලපාන දේශගුණික තත්වයන් මත පාසල් පවත්වන කාලසීමාව දීර්ඝ කළ නොහැකි බවත් තමා මේ පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙතෙක් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාසල පැවැත්වූ කාල සීමාව පෙ.ව.7.30 සිට ප.ව.3.30 දක්වා බවත් එය වහාම ක්‍රියාත්මක වන පරිදි  පෙ.ව 7.30 සිට ප.ව 1.30දක්වා පවත්වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)