May 19, 2024

සරසවි නායකත්ව පුහුණුව ඉවතට

විශ්ව විද්‍යාල සිසුනට නායකත්ව පුහුණුවට ගොස් උඩ පැනීම මගින් කිසිදු සෙතක් නොවුණු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ  විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදිය යුත්තේ ඔවුන්ට අවශ්‍ය දෙය මිස රජයට අවශ්‍ය දෙය නොවන බවය.

ඒ වෙනුවට වඩාත් ඵලදායි වැඩසටහනක් හඳුන්වා දෙන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 15:46