May 19, 2024

දරුවා මරා නිධානය ගන්න ගියාට මරණ දඩුවම හිමි වේ

වයස අවුරුදු 10ක දරුවෙකු ඝාතනය කර නිධානයක් ගොඩගැනීම යන චෝදනාවට වැරදිකරුවන්වූ තිදෙනෙකුට රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා අද (21) මරණ දඬුවම නියම කළේය.

2006 වස‍රේ බලංගොඩ, කල්තොට ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර චූදිතයින් තිදෙනා ද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන්.

මේ අතර වසර 23 කට පසු අද දින යුක්තිය ඉටුවීමේ තවත් පුවතක් පොළොන්නරුවෙන් වාර්තා විය.

ඒ අනුව 1991 වසරේ මාර්තු මස 18 වැනිදා පුද්ගලයෙකු ඝාතනය කර මුදල් හා රන්බඩු කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරිමට පොළොන්නරුව මහාධිකරණය කටයුතු කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 15:08