May 19, 2024

TNA සහ EPDP නියෝජිතයින් යාපනය පොලිසියට කැඳවයි

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් අට දෙනෙකුට ඊයේ (20) දින ලැබුණු පණිවුඩයකින් යාපනය පොලිසිය වෙත කැඳවීමක් ලැබි තිබුණු බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එමි.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.

සිවාජිලිංගම් මහතා පැවසුවේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් මහතා ,උතුරු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය පි.ඓගරනේෂන් මහතා,උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන තමන්ට හා බාලචන්ද්‍රන් ගජදීපන්,කන්දයියා සර්වේශ්වරන්,චන්ද්‍රලිංගම් සුකිර්දන්,අයි.ආර්නෝල්ඩ්,කරෙයිනගර් ප්‍රාදේශීය සභා සභාපති වි.ආනේමුගන් නමැති පිරිසට එලෙස පොලිසිය වෙත කැඳවා ඇති බවයි.

පසුගිය 2014දෙසැම්බර් 16වන දින යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතරතුර ඊ.පි.ඩි.පි.සංවිධානයේ නියෝජිතයින් උතුරු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ට පහරදීම සම්බන්ධයෙන් ඇති පැමිණිල්ල විභාග කිරීම සඳහා එලෙස පිරිසට පොලිසිය වෙත කැඳවීමක් සිදු කළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අදාළ ගැටුම සම්බන්ධයෙන්  ඊ.පි.ඩි.පි. සංවිධාන නියෝජිතයින් හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් වෙත වෙන වෙනම පැමිණිළි ඉදිරිපත් කොට ඇති බවද යාපනය පොලිසිය පැවසීය.

වවුනියාව - රොමේෂ් මධුශංක

Rate this item
(0 votes)