May 19, 2024

හිටපු අගමැති පුතා ඇප මත නිදහස්

මැතිවරණ කාලසීමාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට පහරදීමේ සිද්ධියක් මත ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට බාරවූ හිටපු අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතා ඇතුළු සිවුදෙනා ඇපමත නිදහස් කිරීමට ගම්පොල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කර තිබේ.  

ඒ අනුව හිටපු අගමැති පුත් අනුරාධ ලංකා ජයරත්න, උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු බණ්ඩාර, ගම්පොළ නගර සභාවේ නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චි හා ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීවරයාට ඇප ලබාදී තිබේ. 

සැකකරුවන් ගම්පොළ පොලීසියට බාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (21) ඉදිරිපත් කෙරිණ. 

එහිදී එක් අයෙකුට රුපියල් 50,000ක මුදල් ඇප හා ලක්ෂ 2 බැගින් ශරීර ඇප මත මුදාහැරුණු අතර නැවත නඩු විභාගය මාර්තු 20 වැනිදාට නියම විය. 

පක්ෂ කාර්යාලයට හානි කිරීම, අයුතු ඇතුළුවීම හා වෙඩි තබා බියවැද්දීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 14:58