May 19, 2024

සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් පැතිරේ

උඩරට දුම්රිය මාර්ගයේ දිගම උමං දුම්රිය මාර්ගය පිහිටි සිංගිමලේ උමං මාර්ගය පිහිටි රක්‍ෂිත කඳුමුදුනේ අද (21) දහවල් ගින්නක් හටගෙන තිබේ.

ප්‍රදේශයේ පවතින දැඩි වියලි කාළගුණයත් දැඩි සුළං තත්වයත් හමුවේ ගින්න සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බවයි අප වාර්තාකරු පැවසූවේ.

රක්‍ෂිතයේ මුදුනට දරකැඩීමට ගිය කිසියම් පිරිසක් මෙම ගින්න සිදුකරන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි. කඳුමුදුනේ සිට පහළට ගලා බසින ජල මූලාශ්‍ර ගණනාවක් පවතින බැවින් හැටන් නගරයට පානීය ජලය ලබාගන්නේද මෙම ජල මූලාශ්‍රවලිනි. සීඝ්‍රයෙන් පැතිරයන මෙම ගින්න මැඩ පැවැත්වීමට හැටන් පොලීසියේ නිළධාරීන් පිරිසක් සහ හැටන් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් එක්වී සිටි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)