May 19, 2024

හිටපු අගමැතිගේ පුතා අත්අඩංගුවේ (VIDEO)

ගම්පොළ නගරයේ ජනපතිවරණ සමයේ ඉදිකර තිබූ එවකට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන පක්ෂ කාර්යාලයකට හානි කිරීමේ සිද්ධියකට චෝදනා ලබා සිටින හිටපු අගැමතිවරයාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න මහතා ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වී ඇති බව වාර්තා වේ. 

මීට පෙර උසාවියට බාරවන ලෙසට අනුරාධ ලංකා ජයරත්න මහතාට නියෝග නිකුත් කර තිබූ නමුත් උසාවියට බාරනොවීම නිසා ගම්පොළ මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විදේශ ගමන් තහනම් කරමින් පසුගියදා නියෝගයක් ද නිකුත් කර තිබිණි. 

පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දා රාත්‍රියේ ඩිෆෙන්ඩර් රථ ඇතුළු වාහන 7 කින් 20කට අධික පිරිසක් පැමිණ ගම්පොළ - නුවර පාරේ පිහිටි එම කාර්යාලයට පහරදී ගිනි තැබීමට උත්සාහ දරා ඇතැයි ගම්පොළ පොලිසියට පැමිණිලි කර තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 15:45