May 19, 2024

පොලිසිය තෙවරප්පෙරුමව සොයයි

අගලවත්ත නගරයේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට පහරදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධියට අදාළ තිදෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Rate this item
(0 votes)