May 19, 2024

යාපනයේ පානීය ජලයට ඉන්ධන කළවම් වෙයි

යාපනයේ චුන්නාකම් පළාතේ පානීය ජලයට ඉන්ධන ඇතුලු විෂ මුසු කරණ උතුරු පෞද්ගලික විදුලි සමාගම වහාම වසා දමන ලෙස ඉල්ලමින් යාපනයේ වෛද්‍යවරු, ගුරුවරු අතුලු පිරිසක් අද (29 දා) සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කොට තිබේ.

තවත් එක් මාසයක කාලයක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් සමස්ත යාපනයේම පානීය ජලයට මෙම විෂ මුසු වන බව පෙන්වා දෙන උපවාසකරුවන් දැනට  යාපනයේ චුන්නකම් පළාතේ වර්ග කිලෝමීටර් 19 ක වෙසෙන පුද්ගලයින් 35000 ක් සහ පාසල් ළමුන් 3500 ක් පීඩාවට පත්ව සිටින බව පෙන්වා දේ.

මේ හේතුවෙන් ගර්භණී මවුවරුන්ගේ දරු කළල විනාශ වීමේ තර්ජනයකට සහ සෙසු පුද්ගලයින් රෝගීන් බවට පත්වීමේ අවධානමක්ද ඇති බැවින් වෛද්‍යවරුන් මුල්වී මෙම උපවාසය දියත් කරන බවයි පේදුරුතුඩුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී ගණේෂදාසන් සෙන්දූරන් පවසන්නේ.

දිනසේන රතුගමගේ - වව්නියාව

Rate this item
(0 votes)