May 19, 2024

සන්ධාන මන්ත්‍රී දණ ගැස්සවීම ගැන ජනපති නියමයෙන් පරීක්ෂණයක් 

බදුරලිය ප්‍රදේශයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බලා තමන්ට වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා 19 වැනි දා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද කළේ ය.

Rate this item
(0 votes)