May 19, 2024

දූෂණ තිබේ නම් යන්න කලින් කියන්න - බස්නායක නිළමේ

සිය ධුර කාලයේ දී දූෂණ වංචා සිදුවී ඇති බවට තොරතුරු පවතින්නේ නම් තම නිලකාලය අවසන් වීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

කතරගම බස්නායක නිලමැදුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසීය. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස තමන් ඉල්ලා සිටින බව ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 22:22