May 19, 2024

නිදහස් දිනයට සමගාමීව ඉන්ධන මිල පහලට 

රජයේ දින 100 වැඩපිළිවෙලට තම ආයතන ඉතා කාර්යක්ෂමව මෙහෙයවීමට තමන් ඇප කැපවන බවත් එහි පළමු කාර්යය ලෙස පවතින ඉන්ධන මිල එළඹෙන නිදහස් දිනයට සමගාමීව පහත දැමීමට කටයුතු කරන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(20) ලංවිම හා ඛණිජ තෙල් සංස්ථා නිරීක්ෂණ චාරිකාවට එක්වී සේවකයන් අමතමිනි.

තමන් මෙම විෂයට නවකයෙක් වුවත්, චම්පික රණවක වැනි විෂය පිළිබද ප්‍රාමාණික දැනුම් ඇත්තෙකු සමඟ සිය පළමු අමාත්‍ය ධූරයේ වැඩ කිරීමට හැකිවීම තමන් ලැබූ භාග්‍යයක් බව පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 

ඇමතිවරයා හා එක්ව යහපාලනය ගොඩනැගීමටත්, ආයතන උපරිම ඵලදායිතාව වෙත යොමුකරවීමටත් අවශ්‍ය සැලසුම් සහ ප්‍රතිපත්ති සම්පාදනය කරනවාසේම, ඊට ක්‍රියාකාරීවද සම්බන්ධ වන බව ඔහු වැඩිදුරත් පැවසීය.

 

Rate this item
(0 votes)