May 19, 2024

ලංවිම නව සභාපති වැඩ බාරගනී

ආචාර්ය සුරේන් බටගොඩ මහතා අද (20) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ නිල වශයෙන් රාජකාරි අරඹන ලදී. 

මෙම අවස්ථාවට විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාද එක්විය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වශයෙන් අනුර විජේපාල මහතා පත්විය. ඔහු මීට පෙර  2010 - 2012 වර්ෂයේ ලංවිම උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. විදුලිබල ක්ෂේත්‍රයට අදාළ දේශීය හා විදේශීය පෞද්ගලික අත්දැකීම් රැසක් හිමි ඒ මහතා, ශ්‍රී ලංකා නර්ඩ් ආයතනයේද සභාපති වශයෙන් 2013-2014 වර්ෂවල සේවය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ උපසභාපතිවරයා වශයෙන් ආසන්නතම සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළ නිහාල් වික්‍රමසූරිය මහතා පත්කර ඇත. ලංවිමයේ වසර 35 ක අත්දැකිම් ඇති වික්‍රමසූරිය මහතා, ලංකා විදුලබල මණ්ඩලයෙහි ඉංජිනේරුවරයෙක්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙක්, අතිරේක සාමාන්‍යාධීකාරි සහ සාමාන්‍යාධිකාරි තනතුරු හොබවා ඇත. 

Rate this item
(0 votes)