May 19, 2024

දිවි නැගුමට සම්බන්ධ සහනාධාර හිමිකම්පත් 15000 ක් අල්ලයි

ගැට‍ඹේ පිහිටි මධ්‍යම පළාත් දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ තිබි මැතිවරණ සමයේ බෙදා ඉතිරි වු දිවිනැගුම සහනාධාර හිමිකම්පත් 15000 පමණ ගබඩා කර තිබියදී  සොයාගෙන තිබේ.

පේරාදෙණිය පොලිසියෙන් සිදු කළ විමසීමකදී එහි ස්ථානාධිපතිතුමා සඳහන් කළේ මෙම හිමිකම්පත් සඳහා භාරකාරීත්වයක් නොමැති බවත් ඒවා විනාශ කිරීමට සූදානම් කර තිබියදී පොලිස් භාරයට ගත් බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන් කළේය.

 

Rate this item
(0 votes)