May 19, 2024

දයාසිරිට පක්ෂව සහ එරෙහිව විරෝධතා

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතාට  විරෝධය පළ කරමින් සහ ඔහුට සහාය පළ කරමින් අද පෙරවරුවේ විරෝධතා දෙකක් පැවැත්වුණි.

එහිදී දෙපිරිසගේ උද්ඝෝෂණ දෙක හේතුවෙන් වයඹ පාළාත් සභා සංකීර්ණය  ඉදිරිපිට මහත් උණුසුම්කාරී තත්වයක් ඇති වූ බව අප වාර්තාකරු පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වූ පසුව ඔහුට සහය  පළ කිරීමට දයාසිරි ජයසේකර මහ ඇමතිවරයා එක්ව ඇත්තේ තමන්ගේ බලය රැක ගැනීමේ පටු අරමුණෙන් බවත් එවන් අවස්ථාවදීන්ට නව රජය තුළ ඉඩ නොතබන ලෙසත් රජයට බල කරමින් එක් පිරිසක් උද්ඝෝෂණය  දියත් කොට  තිබු අතර  වයඹ පළාතෙන්  ලක්ෂ හතකට වැඩි  ඡන්ද  ප්‍රමාණයක් ලබා ගත්  දයාසිරි ජයසේකර මහතා තව දුරටත් වයඹ මහා ඇමතිවරයා බවත් ඔහු  තනතුරින්  ඉවත් කිරීමට වයඹ විපක්ෂ නායකවරයා සිහින දකින බවත් පවසමින් ඊට විරෝධය පළ කල පිරිසක් විසින් අනෙක් උද්ගෝෂණය  සංවිධානය කර තිබිණි.

වයඹ පළාත් සභාවේ  2015 වසරේ  පළමු මාසික රැස්වීම අද (20) පැවැති අතර  එම රැස්වීම ආරම්භ  කිරීමට සුළු මොහොතකට පෙර  මහ ඇමතිවරයාට විරෝධය පළ කරන උද්ඝෝෂණය  ආරම්හ වූ අතර එය සංවිධානය කර තිබුණේ පළාත් සභාවේ  විපක්ෂ මන්ත්‍රී  කණ්ඩායම විසිනි. 

එම උද්ඝෝෂණය  අවසන්ව  සුළු මොහොතකට  පසුව  පළාත් සභා රැස්වීම ආරම්භ වූ අතර  පළාත් සභා රැස්වීම පැවැත්වෙන  අතර තුර දෙවන  උද්ගෝෂණය  සිදු කරන ලද්දේ  දයාසිරි ජයසේකර මහතාට සහය පල කරන පිරිසක් විසිනි.

මේ හේතුවෙන් පළාත් සභා රැස්වීම පැවැත්වෙන  සම්පුර්ණ කාලය තුළම ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

සුනිල් එස් පැල්ලන්දෙනිය - කුරුණෑගල

 

Rate this item
(0 votes)