May 06, 2024

හිටපු ජනපති මහනුවරට යයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (20දා) පෙරවරුවේ මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

ප්‍රථමයෙන් දළඳා මාලිගාව  වැදපුදාගත් හිටපු ජනපතිවරයා ඉන් අනතුරුව මල්වතු මහ නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමාපාණන් හමුවූ අතර පසුව අස්ගිරි මහා මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ බැහැ දුටූහ.

හිටපු ජනපතිවරයාගේ මහනුවර සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම හා රොහාන් රත්වත්තේ,මහනුවර නගරාධිපති මහේන් රත්වත්තේ  එක්ව සිටීහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 13:54