May 06, 2024

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අක්‍රමිකතා සොයන්න සය පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකා විදේශ සේවා‍ නියුක්ති කාර්යාංශයේ සිදුව තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.එක් එක් දේශපාලන පක්ෂවලට අයත් නීතිඥයන්ගෙන් සමන්විත මෙම කමිටුව ඊයේ (19) පිහිට වූ බව විදේශ රැකියා ප්‍රවර්ධන ඇමතිනී නීතීඥ තලතා අතුකෝරාල මහත්මිය ප්‍රකාශ කළේය.

අදාළ කමිටු වාර්තාව ඉදිරි සති දෙකක කාලය ඇතුළත ලබාදිය යුතු බවත් කිසියම් පුද්ගල‍යෙකු එහිදී වංචා, දූෂණ සිදුකර ඇත් නම් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවත් ඇමතිවරිය පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 12:39