May 06, 2024

අවි සොයා පොලීසිය බණ්ඩාරනායකයට කඩා පනී

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයා ගත් පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අයත් අවි ගබඩා කළැයි සැකකරන ස්ථානයක් මේවන විට විවෘත කර ඇති බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය පැවසූවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇතැයි කියන අවි ගබඩා කළ ස්ථාන මේවන විට විවෘත කර විමර්ශණ කටයුතු අරඹා ඇති බවයි.

එම ගබඩාව තුළ නීති විරෝධී ගිනි අවි තිබේ ද, අවි ගබඩා කිරීම සඳහා නිසි අවසරයක් ගෙන ඇත්ද යන්න පිළිබඳ මෙහිදී පරීක්ෂා කිරීමට නියමිත බව ද පොලීසිය සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 12:03