May 06, 2024

අප්‍රේල් 24 ආණ්ඩුව විසුරවයි - රාජ්‍ය පරිපාලන ඇමති

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් නව ආණ්ඩුව ලබන අප්‍රේල් 24 දින විසුරුවා හැරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව වසර දෙකකට ජාතික ආණ්ඩු පාලනයක් නිර්මානය කරන බවත් රාජ්‍යපරිපාලන අමාත්‍ය කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (19) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සිය රාජකාරී ආරම්භ කිරීමෙන් පසු පැවැතිඋත්සව අවස්ථාවේ දී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සේවය සම්පූර්ණයෙන් දේශපාලනයෙන් ඉවත් කරන බවත් දින 100 න් පසු17සංශෝධනය ඇති කරන බවත්ය. මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය ‍සේවකයා ජනතාව වෙනුවෙන් ගරු සේවයක් ඉටු කිරීමේ වගකීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් දැනුවත් විය යුතු බවත්ය.මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සෑම කටයුත්තකදීම වැදගත් සේවයක් ඉටුකරදීමේ වගකීම දරන මේ අමාත්‍යාංශයයේ තමා ඉතිහාසයේද අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇති බැවින් තමාට පූර්ව අත්දැකීම් ඇතැයිද කීහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 12:12