May 06, 2024

පාලිත තෙවරප්පෙරුම අධිකරණයට කැඳවයි

පුද්ගල පහරදීමට චෝදනා ලැබූ  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට මාර්තු 02 දා අධිකරණයට පැමිණෙන ලෙස මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අධිකරණයට පැමිණීමට නියෝග කර ඇත්තේ අගලවත්ත නගරයේදී පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.
මීට අමතරව තෙවරප්පෙරුම මහතාට එරෙහිව බදුරලිය නගරයේදී අහසට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බවත්, එම පරීක්ෂණවලට අනුව ගිනිඅවි ආඥා පනත යටතේ කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.
කිසිදු අයෙකුට නීතිය අතට ගෙන කටයුතු කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, නීති විරෝධී ආකාරයට කටයුතු කරන සියලු දෙනාට එරෙහිව කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.
 
Rate this item
(0 votes)