May 06, 2024

වෙලේ සුදා නම් 06 ක් හෙළි කරයි

අත්අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක්වන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නමැත්තාගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලට අනුව නම් හෙළිදරව් වූ ප්‍රභලයින් 06 දෙනෙක්ට රටින් පැන යෑමට හැකි මාර්ග වසා දමා ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙලේ සුදාගේ මෙතෙක් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ප්‍රධාන පුද්ගලයින් 06 දෙනෙකුගේ නම් සඳහන් කර ඇති අතර ඔවුන් අතර දේශපාලඥයන් දෙදෙනෙක්, ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් 04 දෙනෙක් සිටින බව ද වාර්තා වේ.

2012 වසරේ සිට විදේශ රටවල සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ වෙලේ සුදා වසර 03 ක කාලයක් තුළ හෙරෝයින් කිලෝ 1000 කට අධික ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 09:49