May 19, 2024

අමාත්‍ය මණ්ඩල ලේකම් ධූරය සුමිත් අබේසිංහට 

අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස සුමිත් අබේසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබීය. 

සුමිත් අබේසිංහ මහතා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුර ද, ලේකම් තනතුර ද හොබවා ඇති අතර භාණ්ඩාගාරයේ සේවය කළ නිලධාරීන් අතරින් ලේකම් තනතුරට පත්වූ පළමු පුද්ගලයා ඔහුය.

භූගෝල විද්‍යාවෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, ආර්ථික විද්‍යාවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් එන්ග්ලන්ඩ් සරසවියෙන් ශාස්ත්‍රපති උපාධිය ද දිනා සිටින ඔහු මුදල් අමාත්‍යංශයේ ඉහළ තනතුරු කිහිපයක් ම දැරීය. 

ජාතික අයවැය කාර්යාලයයේ අධ්‍යක්ෂ ජනරාල් වූ ඔහු ආර්ථික කටයුතු හා පොදු දේපොළ ප්‍රතිපත්තිය පිළිබඳ අධ්‍යක්ෂවරයා ද විය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 11:32