May 19, 2024

වෙළෙඳ අමාත්‍යාංශයේ වංචා ගැන නව ඇමති වාර්තාවක් ඉල්ලයි

පසුගිය රජය යටතේ පැවැති සමුපකාර හා අභ්‍යයන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ සිදුව ඇති වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සතියක්‌ ඇතුළත එම අමාත්‍යාංශයේ සියලු අංශවලින් වාර්තාවක්‌ ලබා ගැනීමට නව ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තීරණය කර තිබේ.

කොළඹ වොක්‌ෂෝල් වීදියේ පිහිටි එම අමාත්‍යාංශයේ දී ඊයේ (19) පෙරවරුවේ වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් ඇමතූ අමාත්‍යවරයා වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ තමන් දන්නා සියලු තොරතුරු ලබා දෙන්නැයිද ඉල්ලීමක්‌ කළේය.

ජනවාරි 26 දිනට පෙර තමන් සේවය කරන අංශවලට අදාළව එම තොරතුරු ලබා දෙන්නැයි උපදෙස්‌ දුන් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසූවේ ඒ සම්බන්ධයෙන් කිසිදු බියක්‌ ඇති කර නොගන්නා ලෙසයි.

 

Rate this item
(0 votes)