May 19, 2024

'බැංකු ගිණුම ගෝඨාභයගේ නෙවෙයි' - නව ආරක්ෂක ලේකම් 

ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ඇති ගිණුම ආරක්ෂක අමාත්‍යංශය සතු ගිණුමක් බවත් එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නමට ඇති ගිණුමක් නොවන බවත් නව ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක මහතා පවසයි. 

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් කළ හෙළිදරව්වට අනුව නව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා එය පෞද්ගලික ගිණුමක් ලෙස භාවිතා කර නොමැති බවය. 

තවද එම ගිණුමේ ඇති මුදල් සොයාගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් ඉඩමක් විකිණීමෙන් බවද එසේම එම මුදල් යොදාගනිමින් පැලවත්තේ නව හමුදා මූලස්ථානයක් ඉදිකරගෙන යන බවද බී.එම්.යූ.ඩී බස්නායක මහතා පැවසීය.

කෙසේ වෙතත් අදාළ ගිණුමේ ඇති මුදල් සාවද්‍ය ලෙස භාවිතා කළ බවට නැගෙන චෝදනාවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 06:13