May 19, 2024

පාර්ලිමේන්තුව අද රැස්වෙයි - අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

නව රජයේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්‌වීම අද (20) පැවැත්වෙන අතර එහිදී නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක්‌ සිදු කිරීමට නියමිතය.

ඒ අනුව 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයෙන් පසුව පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව රජය යටතේ  පාර්ලිමේන්තුව පළමු වරට අද පස්වරු 1.00ට රැස්‌වෙයි.

2015 නව වසරේ දී පාර්ලිමේන්තුව රැස්‌වන පළමු දිනය ද මෙය වේ.

වෙනදා මෙන් අද පාර්ලිමේන්තු විවාද නොපැවැත්වෙන අතර පක්‍ෂ නායකයන් විසින් නව දේශපාලන තත්ත්වයන් හා සිය ස්‌ථාවරය පිළිබඳව කෙටි දේශණ පැවැත්වීමට නියමිත බව නව සභානායක වැවිලි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අද නව පනත් හෝ සංශෝධන කිසිවක්‌ ඉදිරිපත් නොවන බවත් කතානායක, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති යන ධුර කිසිවක වෙනසක්‌ නොවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 

නව රජයේ ආණ්‌ඩුපක්‍ෂ ප්‍රධාන සංවිධායක ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, සභානායක ලෙස වැවිලි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහත්වරු ද පත්ව සිටින අතර නව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සහ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද පත්ව සිටී.

Rate this item
(0 votes)